Gossips

ඩී.අයි.ජී. නාලක ද සිල්වා, අද සී.අයි.ඩී.යට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා.
ඒ සඳහා අද (16) උදෑසන 9ට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.
ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය මෙන්ම පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක එම ඒකකයෙන් දින දෙකක් පිටතට ගෙන ගොස් තිබීම සම්බන්ධයෙන් ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.
මේ අතර, මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සහ තවත් හඬ පට කිහිපයක් ලබාදීම සඳහා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ද ඊයේ (15) 06 වන වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.