Gossips

ඩී.අයි.ජී. නාලක අද රස පරීක්ෂක හමුවට

ඊයේ අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ ඔහුට නියෝග කළේ අද උදෑසන 10 ට කටහඬ සාම්පලයක් ලබාදීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙසටයි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව ඇති දුරකතන සංවාද පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියදා කළ හෙලිදරව්වෙන් ඍජුවම චෝදනා එල්ල වුණේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාටයි.
එමෙන්ම, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ ඔහු කායික, මානසික සහ විකලාංග වෛද්‍ය සායනයකට ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා මාස 03 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයා අවසර ලබාදී ඇති බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර, නාමල් කුමාරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.
එමෙන්ම, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ඊයේ දිනයේදී තවත් හෙලිදරව්වක් කළා.