අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා හෙවත් ‘ඩීලා’ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි මෙම විශේෂ වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරු මීගොඩ – ගොඩගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ .
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ඒ සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 7ක් සහ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු 38 හැවිරිදි හෙට්ටියාවත්ත, මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.