Gossips

ඩිල්ෂාන්ගේ ඩිල්ස්කූප් පහර IPL පිටිය ආක්‍රමණය කරද්දී, සෑමි කරන්ගේ සුපිරි පන්දු යැවීම දිල්ලි ජයග්‍රහණය බොඳකර දැමූ හැටි

සෑමි කරන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟය ජය ගන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කළේ 14කින්.
දිල්ලි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 166ක්.
පන්ජාබ් පිල වෙනුවෙන් ඩේවිඩ් මිලර් පන්දු 30කදී ලකුණු 43ක් පන්ජාබ් ලකුණු පුවරුවට එක්කළ අතර සර්ෆරාස් ඛාන් පන්දු 29කදී ලකුණු 39ක් රැස් කළා.
එහිදී සර්ෆරාස්ගේ ඉනිමට හතරේ පහර 06ක් ඇතුළත් වූණා.
සර්ෆරාස්ගේ ඉනිම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් ඩිල්ස්කූප් පහරින් වර්ණවත් වීමද විශේෂත්වයක්.
ලකුණු 167ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 02ක් තුල සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 152ක් පමණයි.
එහිදී සුපිරි පන්දු යැවීමක නිරතවූ සැමි කරන් ලන්දුවර 20යි පන්දු 02ක් තුල ලකුණු 11කට කඩුලු 04ක් බිඳ දමින් දිල්ලි ඉනිම සුණු විසුණුකර දැමුවා.
තරඟයේ වීරයා බවට පත් වුණේ සෑමි කරන්.
සර්ෆරාස් එල්ල කළ ඩිල්ස්කූප් පහර පහතින්..

තරඟයේ විශේෂ අවස්ථා පහතින්..