ලොවක් හමුවේ ලක්මව ඔසවා තැබූ ශ්‍රී ලංකා සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව හදිසි අනතුරකට ලක්වූ පුවතක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.
රටම ආදරය කරන මේ සුපිරි තරුවට අනතුරින් කිසිදු හානියක් සිදුව නොමැති බවයි මේ වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ මෝටර් රථයට අනතුරින් හානි සිදුව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
මෙලෙස ඔහු අනතුරකට ලක්ව ඇත්තේ එංගලනතයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟාවලියකට සහභාගී වී සිටියදීයි.
lamborghini Super Trofeo 2018 තරඟයේ වටයකදීයි ඔහු මෙලෙස අනතුරකට ලක්වන්නේ.
කෙසේ වෙතත් අනතුරට ලක්වීමෙන් අනතුරුව ඔහු මෙලෙස සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක්කර තිබුනා
“මෙවර එන්ගලන්තයේ තිබුන තරගයේදී අනතුරකට ලක්වී තරග කරන්නට නොහැකි විය. ඔබ සියලු දෙනාගෙන් සමාව අයදමි."
එහිදී වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ කෙතරම් බාධක පැමිණියද ඉදිරි තරඟ ජයගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන බවයි.
ඩිලන්තගේ අනතුරට ලක්වූ මෝටර් රථය පහතින්.