මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි.
ඒ ඩිලන්ත මාලගමුව.
දෙස් විදෙස් තරඟ රැසකින් ජයග්‍රහණය කර රටට කීර්තිය අත්කර දුන් ඩිල්නත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ අරඹා තිබෙනවා.
මාලගමුව මේ පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙසේ පිරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා.
තේ ඉඩමක ප්‍රශ්නයක් මත ප්‍රාදේශීය දේශපාලනඥයකු දැනට බන්ධනාගාරතව සිටින සිරකරුවෙකුට මාලගමුව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑත දී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ තොරතුරු හෙළි වී තිබෙන බවත් එම ආරංචිමාර්ග සඳහන්.
මේ අනුව පොලිසිය එම ඝාතන සැලසුම මාලගමුව ට දැනුම් දී තිබෙනවා.
මාලගමුව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන්පසුවයි.
මේ තත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත වී ඇති හෙයින් රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, මෙම සිද්ධිය ගැන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරටද මාලගමුව දැනුම් දී තිබෙනවා.