ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඔහු මේ වනවිටත් දකුණු අප්‍රිකාවට පැමිණ ඇති අතර, ඇතැම් විට ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට ඉදිරියේදී පූර්ණකාලීන තරග තහනමක් පැනවෙනු ඇති බවටද වාර්තා පළවනවා.
එසේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවද ඇතැම් වාර්තාවල දැක්වුණා.
