ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ගුවන් තොටුපළ ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීමයි.
ඇමරිකාවේ 11 වන කාර්ය බහුලම ගුවන් තොටුපළ මෙය වන අතර මීට පෙර මෙවැනි සිදුවීම් එංගලන්තයේ ගැට්වික් සහ හීතෲ ගුවන් තොටුපළවලින් ද පසුගිය දා වාර්තා වුණා.
