Gossips

ඩයිනසෝරයන් මිහි මතින් අතුරුදන් වූ දිනය ගැන හෙළිදරව්වක්

මීට වසර මිලියන 66කට පෙර ඩයිනසෝරයන් මිහි මතින් අතුරුදන් වීමේ සංසිද්ධිය පිළිබදව නව හෙළිදරව්වක් ඇමරිකානු විද්‍යාඥයන් විසින් සිදුකර තිබෙනවා.
පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන තිමති බ්‍රාලෝවර් ප්‍රකාශ කළ පරිදි එය සිදුව ඇත්තේ මෙක්සිකෝව ආසන්නයේ මුහුදට දැවැන්ත උල්කාවක් පතිත වූ දිනයේදියි.
එමගින් සැතපුම් 90ක පමණ වට ප්‍රමාණයක් සහිත ආවාටයක් ද ඇති වී තිබෙන අතර ගුවනට විසිරුණු පස් සහ ගල් යළි පොළොව මත පතිත වී ඇත්තේ විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙමින්.
එහිදී විනාඩි ගණනක් තුළ මිය ගිය ආදි මසුන්ගේ පොසිල පරීක්ෂාවට ලක් කිරීමෙනුයි විද්‍යාඥයන් එම දිනය පිළිබද නිගමනයකට එළඹී ඇත්තේ.
එහිදී එකළ මිහිමත දැවැන්තයන් වූ ටී – රෙක්ස් ඇතුළු ඩයිනසෝරයන් සදහටම විනාශයට පත්වූ බව සඳහන්.