Gossips

ඩයිනමයිට් යොදා උතුරෙන් ඇල්ලූ මාළු පෑලියගොඩට ගෙන ඒමේ තැත වරදී

පරිභෝජනයට නුසුදුසු අයුරින් ඩයිනමයිට් යොදා ඇල්ලූ මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹ – පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ශීතකරන සහිත ලොරි 3 කට පැටවූ අදාළ මසුන් තොගය ඊයේ රාත්‍රියේ මුලතිව් – පුදුමාතලන් ප්‍රදේශයේදී සොයා ගත් බවයි.
ඒ සමග සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මුලතිව් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම, තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වීම වහා නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අද ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ එම ධීවරයින් මුලතිව් සහකාර පරීක්ෂක කාර්යාලය වටලා එම කාර්යාලයට පහරදීම හේතුවෙන්.
මේ අතර, මාවනැල්ල නගරයේදී, පෞද්ගලික බස් රථ සේවකයින් සහ ලංගම බස් රථ සේවකයින් අතර, අද දහවල් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ මාර්ග අංක 659 මාවනැල්ල – අරණායක මාර්ගයේ පෞද්ගලික බස් රථ නතර කරන ස්ථානයේ ලංගම බස් රථ නතර කිරීම හේතුවෙන්.