බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවෙකු ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මහල් 19කින් යුත් මෙම ගොඩනැගිල්ල තුල තවත් පිරිසක් සිරවී සිටින බවටයි සැක කෙරෙන්නේ.
එමෙන්ම පැතිර යන දැඩි ගින්න හමුවේ ගොඩනැගිල්ලේ කවුළුවලින් පිරිසක් පිටතට පැන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ගින්න නිවා දැමීම සඳහා මේවන විට හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇති අතර ගිනි නිවන භටයන් ද දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි විදෙස් පුවත් සේවා ප්‍රකාශ කළේ.
පසුගිය සතියේ ද බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරණයට පත්වුනා.