Gossips

ටොරෙන්ටෝ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ප්‍රශ්න කෙරේ

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැදවමින් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙතෙක් මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න තහවුරු කර නැහැ.
සැකකරු වෑන් රථයක් පදිකයන් අතරට පැදවා මෙම අනතුර සිදු කළ අතර ඉන් 15 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෑන් රථය පදිකයන් අතරට පැදවූ පුද්ගලයා 25 හැවිරිදි ඇලෙක් මිනර්සෙන් ලෙස හඳුනාගෙන ඇති බවයි.