Gossips

ටොනික් පියනෙන් කළ දකුණේ කුඩු ජාවාරම

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් දකුණු පළාත තුළ හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය – මහපැලැස්ස ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා හෙරොයින් අසුරමින් සිටියදී සැකකරු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
මොහු ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ නිරතව ඇති අතර, ඔහු ඒවා බෙදාහැර ඇත්තේ සිසිල් බීම බෝතල්වල මූඩිවල හෙරොයින් අලවා විවිධ ස්ථානවල තබමින් ගැණුම්කරුවන්ට පැමිණ ඒවා ලබාගන්නා ලෙස උපදෙස් ලබාදෙමින්.
බන්ධනාගාරගතව සිටින අයෙකු හරහා මෙම හෙරොයින් ලබාගෙන අලෙවි කරන බව සැකකරු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර, ඔහු හෙරොයින් සඟවා තැබූ ස්ථාන කිහිපයක තිබී සිසිල් බීම බෝතල්වල මූඩිවල බහා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ හෙරොයින් සොයාගෙන තිබෙනවා.
22 හැවිරිදි ඇඹිලිපිටිය – කුඹුගොඩආර ප්‍රදේශයේ පදිංචි සැකකරු සතුව තිබූ ජංගම දුරකතන සිම් කාඞ්පත් 10 ක් සහ හෙරොයින් ඇසිරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.