ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජය වුවද සංචාරක පාකිස්ථාන පිල ඩර්බන් හි ඊයේ පැවති ප්රථම එක්දින තරගයෙන් දකුණු අප්රිකාව පරදවා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු පිල සිය පන්දු වාර 50 තුළදී ලකුණු 266 ක් රැස් කළේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදියි.
එහිදී හෂීම් අම්ලා ලකුණු 108 ක් රැස් කළ අතර, රසී වැන්ඩර් ඩුසෙන් ලකුණු 93 ක් රැස් කරගත්තා.
පාකිස්ථාන පිල පන්දු වාර 49 යි එක් පන්දුවකදී කඩුලු 05 ක් දැවී ලකුණු 267 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී ඉමාම් උල් හක් ලකුණු 86 ක්ද, මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 71 ක්ද රැස් කළා.
