Gossips

ටෙස්ට් තරඟාවලිය කලින්ම ජයගත් එංගලන්තය බිම් බෝම්බ සොයන්න යයි (ඡායාරූප)

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) මන්නාරම, පෙරියමඩු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
ඒ පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහායි.
එංගලන්ත රජයේ ආධාර මත 'මැග්' නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම, පෙරියමඩු ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් සහ කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.
මෙම සංචාරය එංගලන්ත ක්‍රීඩකයින්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ගෙන දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ඊයේ (18) ජයගත් එංගලන්තය ටෙස්ට් තරඟාවලිය ජයගන්නට ද සමත් වුණා.


ඡායාරූප – වවුනියාව, රොමේෂ් මධුසංක