Gossips

ටෙලි නාට්‍යය නළුවෙක් ගංජා සමග මතුගමදී අත්අඩංගුවට

කොළඹ සිට මතුගම දක්වා කේරල ගංජා ප්‍රවාහනය කල පුද්ගලයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවුම් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්‍රිෂාන්ත කුමාර නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් ටෙලි නාට්‍යය නළුවෙකු බවයි.
කලක පටන් මතුගම සහ අගලවත්ත ප්‍රදේශයට කේරල ගංජා අලෙවි කිරීමේ ව්‍යාපාරය මොහු කරගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට මොහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.