ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මසක් ඇතුළත අදාළ ප්‍රදේශයේ සිදුවූ තුන්වන පිපිරීම මෙය වන අතර, මීට පෙර සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස පාර්සල් බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමග ටෙක්සාස් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
