මිල්ලනිය – පරගස්තොට – පොල්හිටිදුව ප්රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි කුඩා ප්රමාණයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ප්රදේශයේ සිදු කළ වැටලිමකදියි 31 හැවිරිදි මෙම සැකකරු සිය නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ගිනි අවිය සමඟ පතොරම් 5 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
