Gossips

ටී.බී.ගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කෙරේ

හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පැය 4 හමාරකට කට වැඩි කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා.
ඒ, පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන්.
හිටපු අමාත්‍යවරයා අද උදෑසන 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර, ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව නික්ම ගියේ පස්වරුවේදියි.
ඔහු සමඟ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයක්.