Gossips

ටී එන් ඒ – ටෙලෝ යළිත් අර්බුදයක

පාර්ලිමේන්තුවේ ප්‍රසාද ආසනයක ආරවුලක් මත දෙමළ ජාතික සන්ධානය සහ ටෙලෝ සංවිධානය අතර යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ටෙලෝ සංවිධානයේ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර සභා ශාලවේ පැවති සාකච්ජාවකදී මන්ත්‍රිවරයා කියා සිටියේ පසුගිය පළාත් පාලන මැතිරවණය අවසන් වූ වහාම එම ප්‍රසාද මන්ත්‍රී ධූරය ටෙලෝ සංවිධානය වෙත ලබා දීමට දෙමළ සන්ධාන නායකයින් එකඟ වූ බවයි.
පක්ෂයට ලැබෙන ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව අනුව දෙමළ ජාතික සන්ධානයට හිමි වූ එක් මන්ත්‍රී ආසනයක් අනුපාතය මත ටෙලෝ සංවිධානයට හිමිවීමට නියමිතව තිබූ බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව වන්නි දිස්ත්‍රික්කයේ කාලයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හොබවන ලද නෝහා රාධලිංගම් හෙවත් විනෝට එම මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා ටෙලෝ සංවිධානය නිර්දේශ කර තිබෙනවා. එහෙත් දෙමළ ජාතික සන්ධාන නායකයින් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවයි ටෙලෝ සංවිධානය පවසන්නේ.
පසුගිය පළාත් පාලන මැතිවරණය ආසන්නයේ දී ටෙලෝ සංවිධානය දෙමළ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී පැවති සාකච්ජාවකදී ටෙලෝ සංවිධානයට අනිවාර්යෙන්ම එම ප්‍රසාද ආසනය ලබාදීමට මාවෙයි සේනාධිරාජ මන්ත්‍රීවරයා ඇතුළු නායකයින් එකඟ වු බවයි.
එහෙත් දෙමළ සන්ධානයේ මධ්‍යම කාරක සභාව පැවති අවස්ථාවේදී මෙම යෝජනාව පසෙක දමා සෙසු යෝජනා පිළිබඳව සාකච්ජා කර ඇති බව ද ටෙලෝ නායකයින් පවසනවා.