Gossips

ටී.එන්.ඒ. – ජනපති සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිදුවුණා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි.
උතුර – නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.