Gossips

ටී.එන්.ඒ. අවශ්‍යතාවයට අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමට ඉඩක් නොදෙන බව ඇමති දිගම්බරන් කියයි

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි අමාත්‍ය මණ්ඩලය තුල තීරණ ගැනිමට අවස්ථාව ලබා නොදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
අමාත්‍ය මණ්ඩලය තුල තීරණ ගනු ලබන්නේ සිය අවශ්‍යතාවය පරිදි බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධීරාජා සහ එම්.සුමන්දිරන් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දේශපාලන අවශ්‍යතාවයන් මත මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංදය සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව, රාජ්‍යයන් 9 කට බෙදා වෙන් කිරීමේ සැලැස්මක් ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන පරිච්ඡේදයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ස්වභාවයෙහි ඒකීය තත්ත්වයක් නොමැති බව දක්වා ඇති බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.