Gossips

ටිල්වින්ට කෝටියක් වන්දි ගෙවන්නැයි විමල්ට අධිකරණයෙන් නියෝග

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කරමින් නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පළ කරමින් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීම හේතුවෙන්.
ඊට අදාළව ටිල්වින් සිල්වා විසින් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර, එය මුද්‍රණය සහ බෙදාහැරීම වළක්වාලමින් මීට පෙර අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණා.