මරදන්කඩවල – තිරුක්කොන්ඩියාමඩු මාර්ගයේ සි.පී පුර ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අද දහවල් සිදුවූ මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදිය පැදවූ 53 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
