Gossips

ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් එක් අයෙක් රෝහලේ

හොරණ ගුරුගොඩ ඔය ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (01) උදෑසන 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇතිබවයි හොරණ පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ජීප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවී ඇතිබවයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.