Gossips

ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගිය කාන්තාවක් මරුට

සූරියවැව නගර මධ්‍යයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 3 ට පමණ අනතුර සිදුවූ බවයි.
මියගොස් ඇත්තේ සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු මවක්.
ඇය අනතුර සිදුවූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්.
මෘත ශරීරය සූරියවැව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සති කිහිපය පුරා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වලට පස් රැගෙන යන ටිපර් රථ හේතුවෙන් අනතුරු රැසක් සිදුවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
නගර සීමාවේදී මෙම රථවල වේගය අඩු කිරීමට පොලිසිය පියවර ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර අද පස්වරුවේ කාන්තාවකට මරු කැඳවූ මෙම අනතුර අසල වෙළඳසැලක සවිකර තිබූ කැමරාවල සටහන්වී තිබෙනවා.