ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ධාරිතාවය ලීටර් 13,200 ට වැඩි ටැංකි සදහා කිලෝමීටරයකට ගෙවන මුදල රුපියල් 12 යි ශත 43 ද, ලීටර් 19,800 ට වැඩි ධාරිතාවයක් සහිත ටැංකි සඳහා රුපියල් 16 යි ශත 43 කින් ද වැඩි කළ බවයි එම සංස්ථාව නිවේදනය කළේ.
