Gossips

ටාජ් මහලේ කොත් දෙකකට සුළඟින් හානි

උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සුප්‍රකට ටාජ් මහලේ ප්‍රවේශ දොරටුව අසල පිහිටි කුළුණේ කොත් දෙකකට හානි සිදුව තිබෙනවා.
පැයට කිලෝමීටර් 130 ක වේගයකින් හමා ගිය සුළඟකින් අඩි 12 ක් පමණ උසැති මෙම කුළුණු දෙක කඩා වැටී ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.
ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානයක් වන ටාජ් මහල 17 වන ශත වර්ෂයේ ඉදිකරන ලද්දක්.
එය නැරඹීමට දිනකට සංචාරකයින් 12,000 ක් පමණ පැමිණෙනවා.
විනාශ වූ කොත්වලින් එකක් රාජකීය ද්වාරයෙහි පිහිටා තිබෙන අතර, එය බොහෝ විට ස්මාරකයක පෙනුමක් ගෙන දෙන බවයි එම වාර්තාවල තවදුරටත් දැක්වෙන්නේ.
විනාශ වූ කොත් දෙක යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.