ට්රාමි ලෙස නම් කෙරුණු ප්රබල චණ්ඩ මාරුතය ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද කඩා වැදුණේ පැයට කිලෝමීටර් 216ක සුළං වේගයකින්.
එය තවදුරටත් ජපාන ගොඩබිම් ප්රදේශවලට විශාල හානියක් සිදුකළ හැකි බවයි කාලගුණ අංශ ප්රකාශ කළේ. සුළි සුළඟත් සමඟ ඔකිනාවා දිවයිනේ ගස් සහ විදුලි රැහැන් කඩා වැටී ඇති අතර, ධාරාණිපාත වැසි සහ උස් රළ ද වාර්තා වුණා.
නිවාස එක්ලක්ෂ 20,000කට පමණ විදුලිය ඇණහිට ඇති අතර, බටහිරදිග ජපානය වෙත ක්රියාත්මකවීමට නියමිතව තිබූ ගුවන් ගමන් 386ක් ද අවලංගු කර තිබෙනවා.