Gossips

ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු CIA මෙහෙයුම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි.
මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන් දැඩි වාසනාවක් ලැබෙන බවට පවතින මතය හේතුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කර මෙම බෙල්ලන් තමන් සතු කර ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වනවා.
මෙම බෙල්ලන් සතුව පවතින ශක්තිය පෙන්වීම සදහා වීදුරුවක් මත තබා පොල් ගෙඩියක් කැරකවීම ආදී කටයුතු සිදුකර ඉමෝ තාක්ෂණය හරහා වීඩියෝ දර්ශන ගැණුම්කරුවන් වෙත යැවීමට ජාවාරම්කරුවන් කටයුතු කරනවා.
මෙම ජාවාරම්කරුවන් සිදුකරනා අමානුෂිකම කරුණ වන්නේ පණ පිටින් අල්ලන මෙම සතුන් අධි ශීතකරනවල තබා ශීතකර මරණයට පත් කිරීමයි.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමග මෙම ජාවාරම වැටලීම සදහා ධනවත් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් බෙල්ලන් මිලදී ගැනීමට ත්‍රීකුණාමලය ප්‍රදේශයට ලගා වුණා.
එහිදී ජාවාරම්කරුවන් පවසා සිටියේ පණ පිටින් සිටි බෙල්ලන් මේ වනවිටත් මරණයට පත් කර ඇති බවයි.