Gossips

ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැරසේ

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂක ප්‍රාකාරය වෙනුවෙන් අරමුදල් සම්පාදනය කර ගැනීමේ කටයුතු සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් ඉදිකිරීමට පොරොන්දු වූ අතර ඊට අවම වශයෙන් ඩොලර් බිලියන 5ක මුදලක් වැය වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වූයේ ජනාධිපතිවරයා ඉල්ලා සිටි පරිදි මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ පවුරක් ඉදිකිරීමට මුදල් ලබාදීම ඇමරිකානු කොංග්‍රසය ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
හදිසි තත්ත්වය යටතේ ජනාධිපති බලතල භාවිත කර ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් සපයා ගැනීමට ට්‍රම්ප් සූදානම් වන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.