Gossips

ට්‍රම්ප් සහ පුටින්ගේ රහසක් හෙළිවේ

ධවල මන්දිරයට පැමිණ තමා සමඟ සාකච්ඡාවකට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ආරාධනා කර තිබෙනවා.
ඇමරිකානු නායකයා ලබාදුන් දුරකථන ඇමතුමක් මගින් මෙම ආරාධනය සිදුකර ඇති බව සඳහන්.
පසුගිය මාර්තු 20 වන දා ඔහු එම දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ ජනපති පුටින්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතීමටයි.
ජනපති පුටින්ට කළ ආරාධනය දැන් හෙළිදරව් කර ඇත්තේ ඔහුගේ ක්‍රෙම්ලින් මන්දිරය විසින්.