ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡා මේ මස 27 සහ 28 දෙදින තුල වියට්නාමයේදී පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.
එම සාකච්ජාවලට පෙර සූදානමක් ලෙස රටවල් දෙකේ නියෝජිතයන් අද උතුරු කොරියාවේදී හමුවීමට නියමිතයි.
න්‍යෂ්ටික අවි තාක්ෂණය ලෝකයෙන් තුරන් කිරීම අරමුණු කරගෙන මෙම සාකච්ජා පැවැත්වෙනවා.
නායක දෙපල අතර පළමු වටයේ සාකච්ජා පසුගිය වසරේ ජුනි මාසයේදි සිංගප්පූරුවේදී පැවැත්වුණා.