Gossips

ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොං අන් සූදානම්

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද ප්‍රථම වරට නිල ප්‍රකාශයක් කළා.
උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ කියා සිටියද, ඒ පිළිබඳව උතුරු කොරියාව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.
කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව සඳහන් කර ඇත්තේ පක්ෂ නියෝජිතයන් හමුවූ අවස්ථාවකදීයි.
උතුරු කොරියාව සමඟ සාකච්ඡා මේ වසරේ මැයි මාසයේදී හෝ ජුනි මස මුලදී පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප්ද ඊයේ ප්‍රකාශ කර තිබුණා.
මෙම සාකච්ඡාව පැවැත්වුණහොත් එය බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව වනු ඇති.