Gossips

ට්‍රම්ප් සමඟ තවත් සාකච්ඡා නැහැ – උතුරු කොරියාව කියයි

ඇමරිකාව ඉල්ලා සිටියද ඉදිරියේදී නැවතත් ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡාවලට සූදානම් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොන් හෝ මේ බව කියා සිටියේ ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අං අතර වියට්නාම සමුළුව එකඟතාවකින් තොරව අවසන්වීමෙන් අනතුරුවයි.
ඇමරිකානු ජනාධීපතිවරයා කියා සිටියේ උතුරු කොරියාව සියලූ සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බැවින් එකඟත්වයකට පැමිණීමට නොහැකිවූ බවයි.
එහෙත් තම රට ඉල්ලා සිටියේ සම්බාධක පාර්ශවීය වශයෙන් හෝ ඉවත් කර ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස බව උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් තම රට සියලූ න්‍යෂ්ටික සහ මිසයිල නිෂ්පාදන කටයුතු නතර කිරීමට සූදානම් බව ප්‍රකාශ කළේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.