Gossips

ට්‍රම්ප් විපක්ෂය සමඟ උරණ වෙයි

ඇමරිකානු රජය අක්‍රියවීමේ අර්බුදය සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් නියෝජිතයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙක්සිකෝව සමඟ පවතින දේශසීමා ඔස්සේ පවුරක් තැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමටත් පෙර විරෝධය පළ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වා ඇති ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාවලිය කිසිදු අයුරකින් තාර්කික නොවන බවයි.
මෙම අර්බුදය මාසයක කාලයක් තිස්සේ පවතින අතර, මේ හේතුවෙන් ඇමරිකානු අයවැයද සම්මත වූයේ නැහැ.
එම නිසා එරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම ඇතුලු අත්‍යාවශ්‍ය සේවා රැසක් තවදුරටත් අර්බුදයකට ලක්ව පවතිනවා.