Gossips

ට්‍රම්ප්, රුසියාව සමඟ කුමන්ත්‍රණ කර නැහැ – විමර්ශන වාර්තාවක් හෙළි කරයි

2016 ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ එක්ව කිසිදු කුමන්ත්‍රණයක් සිදුකර නොමැති බව ඒ පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මැදිහත්කරුවෙකු ලෙස නීති විශාරදයෙකු වන රොබට් මියුලර් නැමැත්තා පත්කරනු ලැබුවා.
ඔහු සිය වාර්තාව මගින් පවසා ඇත්තේ කිසිදු අයුරකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ කුමන්ත්‍රණයක් සිදුකර නොමැති බවයි.