Gossips

ට්‍රම්ප්, රාජ්‍ය ලේකම්ගේ උතුරු කොරියානු චාරිකාව නවතයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ උතුරු කොරියානු චාරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ නවතා දමා තිබෙනවා.
ඒ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන නොමැති බවට චෝදනා නගමින්.
එය පසුගිය ජුනි 12 වන දා උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සමුළුවට පසු උතුරු කොරියාව සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සිදුකළ ප්‍රථම ඍණාත්මක ප්‍රකාශය මෙයයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොලැබීමට චීනය හේතු වී ඇති බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළා.
ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධයට චීනය මෙලෙස ප්‍රතිචාර දක්වන බව ඔහුගේ අදහසයි.