Gossips

ට්‍රම්ප් යුද මුක්ත කලාපයට පිවිසෙන්න සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර පිහිටි යුද මුක්ත කලාපයේදී සිදුකිරීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
නයිජීරියානු ජනාධිපති මුහම්බදු බුහාරි සමඟ ධවල මන්දිරයේ ඊයේ (30) පැවති සාකච්ඡාවලින් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් අතර සාකච්ඡා පැවැත්වුණේ ද දේශසීමාව ආසන්නයේ පිහිටි පැන්මුන්ජොම් නුවර තුන්මහල් සාම නිවසේදියි.
ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡාව ද එහි පැවැත්වීමෙන් එම අවස්ථාව සැමරීමට කොරියානුවන්ට අවස්ථාවක් උදාවනු ඇති බවයි.