ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී පැවැත්වීමට නියමිතයි.
ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවද්දියි.
