Gossips

ට්‍රම්ප් – පුටින් හමුවකට සැලසුම්

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙට (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් සංවිධාන කිරීම ද ඔවුන් අතර සාකච්ඡාවේදී අවධානයට යොමු වන බව සඳහන්.
ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ රුසියානු සංචාරයට පෙර ධවල මන්දිරය ද ඒ පිළිබඳ ඉඟියක් කළා.
ඇමරිකානු පාර්ශවයෙන් අනුමැතියක් ලැබෙන්නේ නම්, ජනපති ට්‍රම්ප් මුණ ගැසීමට සූදානම් බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දා කියා සිටියේ.
එම හමුව සඳහා ඔහු යෝජනා කළේ වියෙනා නුවරයි.