ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික සමුළුවක් ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර දී මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.
නායකයන් දෙදෙනා ජාත්‍යන්තර සමුළුවලට සමගාමීව මීට පෙර දෙවතාවක් මුණ ගැසී තිබෙනවා.
එහෙත් ඔවුන් අතර ඍජු සමුළුවක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
