Gossips

ට්‍රම්ප් ප්‍රථම වරට බ්‍රිතාන්‍යයට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ ලන්ඩනයට පැමිණියා.
ඔහුට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් දහසක් පමණ රැදී සිටි බව සදහන්.
කෙසේ නමුත්, රතු පලස මතින් පිළිගැණුනු ඇමරිකානු ජනාධිපතිවරයා, වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබුවා.
ජනාධිපති ට්‍රම්ප් අද දිනයේ දෙවන එලිසබෙත් මහරැජින මුණ ගැසෙන අතර, සති අන්තයේ ස්කොට්ලන්තය බලා යාමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍ය පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වන අගමැතිනි තෙරේසා මේ ගේ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර, සබදතා ගොඩනැගීම දුෂ්කර වනු ඇති බවයි.
එසේ වුවහොත් බ්‍රිතාන්‍යය අත්හැර යුරෝපා සංගමය සමග සබදතා ගොඩනැගීමට සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.
එමෙන්ම, අගමැතිනි තෙරේසා මේ සමග මත භේදයක් හේතුවෙන් ඉවත් වූ විදේශ ලේකම් බෝරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයට සුදුසු අග්‍රාමාත්‍යවරයෙකු වනු ඇතැයි ද ඔහු අනාවැකියක් පළ කර තිබෙනවා.