Gossips

ට්‍රම්ප් පලස්තීන ගාසා තීරයට ආධාර කපයි

පලස්තීන බටහිර ඉවුරට සහ ගාසා තීරයට වෙන් කළ ඩොලර් මිලියන 200ක ආර්ථික ආධාර අත්හිටුවා, වෙනතකට යොමු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම රට ලබාදෙන මූල්‍යාධාර ඇමරිකානු අභිලාශයන්ට අනුකූලව සිදුකළ යුතු බවයි.
ජගත් සංවිධාන මානුෂීය ආධාර යටතේ පලස්තීනුවන්ට ලබාදෙන ඩොලර් මිලියන 65ක මූල්‍යාධාර ඇමරිකාව දැනටමත් අත්හිටුවා තිබෙනවා.
ජනපති ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු පලස්තීනුවන් සහ ඇමරිකාව අතර සබඳතා අතිශය දුර්වල වූ අතර, පසුගිය වසරේ දෙසැම්බරයේදී ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව පිළිගැනීමෙන් පසු එම තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා.