ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ විශාල ගින්නක් ඇතිව තිබෙනවා.
ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයන් තුන්දෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකු තුවාල ලැබුවා.
ජනාධිපති ට්‍රම්ප්ගේ නිවහන සහ කාර්යාලය ලෙස ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ල යොදාගත්තද ඔහු මෙන්ම මෙලනියා ට්‍රම්ප් සහ පුතු බැරන් ට්‍රම්ප් ද ඒ වනවිට වොෂින්ටන් නුවර රැඳී සිටි බව සඳහන්.
