Gossips

ට්‍රම්ප් ටවර් ගින්නෙන් අයෙක් මරුට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයන් තුන්දෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකු තුවාල ලැබුවා.
මියගොස් ඇත්තේ එලෙස තුවාල ලැබූ සිවිල් පුද්ගලයායි.
මහල් 58 කින් සමන්විත මීටර 202 ක් උසැති ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමාවූයේ 1983 වසරේදියි.
ජනාධිපති ට්‍රම්ප්ගේ නිවහන සහ කාර්යාලය ලෙස ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ල යොදාගත්තද ඔහු ගින්න පැතිරෙන විට වොෂින්ටන් නුවර රැඳී සිටි බව සඳහන්.
පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ගිනි නිවන භටයන් ට්‍රම්ප් ටවර් ගින්න පැතිරීමට නොදී සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත්වූ බවයි.