Gossips

ට්‍රම්ප් ජනපති පදවියට නුසුදුසු බව හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පදවිය දැරීමට සදාචාරාත්මක ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ ජේම්ස් කොමේ ප්‍රකාශ කළා.
පසුගිය වසරේදී ජනපති ට්‍රම්ප් විසින් බලයෙන් පහ කළ කොමේ ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ ජනපති ට්‍රම්ප් මෙම තනතුරට කායික වශයෙන් සුදුසු විය හැකි බවයි.
එහෙත් කාන්තාවන් මස් වැදලි ලෙස සළකන ඔහු ඇමරිකානු ජනපති ධුරය දැරීමට මානසික වශයෙන් යෝග්‍ය පුද්ගලයෙකු නොවන බවයි හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා කියා සිටියේ.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා සමඟ ගැටුම් රැසකට පැටලී තිබෙනවා.