Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් හමුවේ වියදම සිංගප්පූරු ඩොලර් මිලියන 16.3 ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සමුළුව සඳහා සිංගප්පූරු රජයට සිංගප්පූරු ඩොලර් මිලියන 16.3ක් වැය වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
ඉන් වැඩිම මුදලක් වැය වී ඇත්තේ නායකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට ආරක්ෂාව සැලසීම වෙනුවෙන්.
කෙසේ නමුත්, උතුරු කොරියානු සමුළුව සඳහා සිංගප්පූරු ඩොලර් මිලියන 20ක් පමණ වැය වනු ඇතැයි කලින් අපේක්ෂා කර තිබූ බවයි සිංගප්පූරු රජය වැඩිදුරටත් සඳහන් කළේ.