ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර ප්‍රථම හමුව සිංගප්පූරුවේදී අද (12) සිදුවද්දී, දහස් සංඛ්‍යාත සිංගප්පූරු ජනයා මෙන්ම එම අවස්ථාව අත්දැකීම සඳහාම පැමිණි සංචාරකයන් වීථිවල පෙළ ගැසී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.
මිලියන සංඛ්‍යාත ජනතාව එම ඓතිහාසික හමුව සජීවී ලෙස නැරඹූ අතර, විශේෂයෙන් දකුණු කොරියාවේ සහ ජපානයේ ඒ සඳහා විශාල උනන්දුවක් පැවති බව සඳහන්.