ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ලබන 12 වන දා සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුව පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.
සමුළුව එදින පෙරවරු 9ට සිංගප්පුරුවේ ෂැංගිලා හෝටලයේදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
සමුළුව නිමිත්තෙන් එම හෝටලය අවට ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර, එහි දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා සිංගප්පූරු රජය විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා.
ට්‍රම්ප් – කිම් ජොං අන්, සමුළුව නිමිත්තෙන් ජුනි 10 වන දා සිට 14 වන දා දක්වා කාලය තුළ එය පැවැත්වෙන ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන අතර, ඇතැම් භාණ්ඩ එහි රැගෙන ඒම තහනම් කර තිබෙනවා.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ සමුළුව පිළිබද කටයුතු සඳහා හමුදා, ආරක්ෂක, තාක්ෂණික සහ වෛද්‍ය කණ්ඩායමක් මේ වන විටත් සිංගප්පූරුව වෙත යවා ඇති බවයි.